01st July 2024 18:13:07 Hours
24 පාබල සේනාංකය විසින් හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර විද්‍යාලයේ ළමුන් 54 දෙනෙකු සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් 2024 ජුලි මස 28 දින පවත්වන ලදී. 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත පාසල් ළමුන්ගේ අනාගත නායකත්ව කුසලතා වර්ධනය කිරීම අරමුණින් මෙම පුහුණු වැඩසටහන පවත්වනු ලැබීය.
අම්පාර කලාප අධ්‍යාපන අධ්යක්ෂකතුමන්ගේ අනුග්‍රාහකත්වය මත පවත්වනු ලැබූ මෙම පුහුණු වැඩසටහන මගින් වෙනස් අධ්‍යාපනික පරිසරයක් හරහා සිසුන්ගේ කුසලතා සහ ඉදිරිදර්ශන සාර්ථකව වැඩි දියුණු කළේය. පුහුණු වැඩසටහන හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර විද්‍යාලයේ විදුහල්පතිතුමන්ගේ සහ සිසුන්ගේ ඇගයීමට ද ලක්විය.