Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

233 වන බලසේනාවේ සම්බන්ධිකරණයෙන් වාකරේ සමාජ සුභසාධන ව්‍යාපෘතියක්

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටත් ස්ථාපිත 233 බලසේනා මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් රජය විසින් පවත්වනු ලබන ‘වගා සංග්‍රාමය’ ජාතික වැඩසටහනට අනුව වාකරේ ප්‍රදේශයේ අම්බන්ඩනවේලි සහ කොමත්ලමඩු ගම්මානයන්හි අඩු ආදායම්ලාභි පවුල් 200 ක් වෙනුවෙන් සිකුරාදා (20) දින පොල් පැළ 1500 ක් බෙදාදීමේ උත්සවයක් පවත්වනු ලැබීය.

පොල් සංවර්ධන මණ්ඩලය අම්බඩන්වේලි සහ කොමත්ලමඩු ග්‍රාමයන්හි විද්‍යානුකූල පාංශු පරික්ෂාවක් සිදු කිරීමෙන් අනතුරුව, 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චන්දන ජයවීර සමඟ සමීප සම්බන්ධතාවයෙන් මෙම පැල ගම්වාසීන් අතර බෙදාදෙනු ලැබීය.

පොල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රදේශිය කළමණාකරු ප්‍රිමානි රවීරජනි මහත්මිය ඇතුළු සේවයේ නියුතු නිලධාරින් කිහිපදෙනෙකු 233 වන බලසේනාවේ බලසේනාධිපති, වාකරේ ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්. ඉන්ද්‍රකුමාර් මහතා, වාකරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරි ධර්මනි කමලනිදි මහත්මිය අතුළු පිරිස එම පොල් පැල ප්‍රදේශවාසින්ගේ නිවෙස් කරා ගොස් බෙදාදිම සිදුවිය.

එමෙන්ම, 233 වන බලසේනාවට අයත් 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ සහ 17 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස්හි සහයෝගය ඇතිව, පූජ්‍ය බුස්සේගොඩ විජිතානන්ද ස්වාමින් වහන්සේ විසින් සිය 72 වන උපන්දිනය වෙනුවෙන් මුතුවැල්ල විද්‍යාලයේ සිසුන් 72 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේක් සහ ගර්භණිය කාන්තාවන් හයදෙනකු වෙත වියලි සලාක පාර්සල් හා අත්‍යාවශ්‍ය භාණ්ඩ තොගයක් ද මුතුවැල්ල විද්‍යාලයේ දී ප්‍රදානය කරනු ලැබීය. පූජ්‍ය බුස්සේගොඩ විජිතානන්ද ස්වාමින් වහන්සේ සමගින් සංඝයා වහන්සේලා 15 නමක් මෙම ප්‍රජා සත්කාර අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Authentic Nike Sneakers | First Look: Nike PG 5 PlayStation 5 White Pink Black BQ6472-500 Release Date - SBD