02nd March 2025 14:11:05 Hours
කතිරවේලි, පුදුර් හි පිහිටි සරස්වතී පෙර පාසල, පුදුර් ගම්මානයේ ළමුන් 41 දෙනෙකුට මුල් ළමාවිය සංවර්ධන අධ්‍යාපනය ලබා දෙන අතර, වසර 16 ක් මුළුල්ලේ සේවයේ නියුතු විශිෂ්ට ගුරුවරියක් ඇතුළු තුන් දෙනෙකුගෙන් යුත් ගුරු මඩුල්ලකින් සමන්විත මෙම පෙර පාසල මඟින් බොහෝ සිසුන් උසස් අධ්‍යාපනය සඳහා යොමු කිරීමට මූලික කාර්යභාරයක් ඉටුකර ඇත.එසේ වුවද එම පෙර පාසලේ අධ්‍යාපන කටයුතු සිදුකිරීමේදී පුටුමේස, ජල පද්ධති සහිත නිසි සනීපාරක්‍ෂක පහසුකම්, ගොඩනැගිලි නඩත්තුව සහ මුළුතැන්ගෙය වැනි අත්‍යාවශ්‍ය සම්පත් වල හිඟතාවයකට මුහුණ දී තිබේ.
යුද්ධ හමුදාවේ තවත් එක් ප්‍රජා වැඩසටහනක් ලෙස ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සහ පූනානි 23 පාබල සේනාංකයේ මඟපෙන්වීම යටතේ වාකරේ පිහිටි 233 පාබල බලසේනාවේ භටපිරිස් විසින් දරු දැරියන්ගේ එම මූලික අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා එක් පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. ඒ අනුව, දිගුකාලීන අවශ්‍යතාවයක්ව තිබූ මෙම මුළුතැන්ගෙය ඉදිකිරීමට හැකි විය.
මේජර් ජෙනරල් පී.ආර් වනිගසූරිය (විශ්‍රාමික) VSV USP ndu USACGSC ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මෙම ව්‍යාපෘතියට අවශ්‍ය මූල්‍ය දායකත්වය ලබා දුන් අතර, 233 පාබල බලසේනාවේ සහ 7 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් ශ්‍රම දායකත්වය ලබාදෙන ලදී.