Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th March 2023 18:20:02 Hours

233 වන පාබල බලසේනාවේ සංවත්සර දිනය සනිටුහන් කරමින් ‘තිලකාවතියර්’ ළමා නිවාසයට දිවා භෝජන සංග්‍රහයක්

233 වන පාබල බලසේනාවේ 32 වන සංවත්සර දිනය වෙනුවෙන් එම බලසේනාවේ භටපිරිස් විසින් මඩකලපුව, කදිරවේලි ප්‍රදේශයේ පිහිටි ‘තිලකාවතියර්’ ළමා නිවාසයේ නේවාසික ළමුන් වෙනුවෙන් විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී. මෙම වැඩසටහන සාර්ථකව සිදුකිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශයන් 233 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ විසින් ලබාදුන්නේය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.