08th May 2024 17:32:12 Hours
232 පාබල බලසේනාව ‘රොෂාන් මහානාම භාරය’ සංවිධානය සමඟ එක්ව පුන්නකුඩා, ‘නැගෙනහිරු’ පෙර පාසලේ ළමුන් සඳහා ඉදිකර දුන් වැසිකිළි සංකීර්ණය මැයි 04 දින පැවති උත්සවයක දී ඔවුන් වෙත පවරා දුන්හ.
මේජර් ජෙනරල් එම්.කේ.ඩී පෙරේරා (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ සම්බන්ධීකරණයෙන් ‘රොෂාන් මහානාම භාරය’ සංවිධානය මගින් මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා රු. 275,000.00 ක මූල්‍යමය ප්‍රදානයක් සිදුකල අතර, 4 ගැමුණු හේවා බලකායේ භටපිරිස් මෙම ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම ලබා දෙන ලදී. එම උත්සවයේදී සිසුන් සඳහා ක්‍රීඩා උපකරණ තොගයක් ද ප්‍රදානය කෙරිණි.
උත්සව අවස්ථාවේදී කල්කුඩා, ශ්‍රී සීලාලංකාර සිංහල විද්‍යාලයේ ළමුන් වෙත රු. 800000.00 ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කෙරිණි. ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ 23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස්මත මෙම සමාජ සත්කාරක වැඩසටහන සිදුකරනු ලැබීය.
එම අවස්ථාවට මේජර් ජෙනරල් එම්.කේ.ඩී පෙරේරා (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, 232 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.පී.එස් ප්‍රසාද් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින් වන රොෂාන් මහානාම, චමින්ද වාස් සහ රොමේෂ් කළුවිතාරණ යන මහත්වරුන් ද සහභාගී වූහ.