Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th December 2023 19:32:21 Hours

232 පාබල බලසේනාවේ සම්බන්ධීකරණයෙන් අ.පො.ස (උ/පෙළ) සිසුන් සඳහා සම්මන්ත්‍රණයක්

232 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 4 ගැමුණු හේවා බලකායේ භටපිරිස් මඩකලපුව කලාප අධ්‍යාපන කාර්යාලයේ සහයෝගය ඇතිව 2023 වසරේ අ.පො.ස (උ/පෙළ) විභාගයට පෙනීසිටීමට නියමිත එම අධ්‍යාපන කලාපයේ පාසල්වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 91 දෙනෙකු සඳහා අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාවක් කරදියනාරු, මහා විද්‍යාලයේදී පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 05) දින ක්‍රියාත්මක කරන ලදී.

අ.පො.ස (උ/පෙළ) විභාගය ඉලක්ක කරගත් මෙම අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව ලබන සෙනසුරාදා (දෙසැම්බර් මස 09) දින දක්වා සියලුම විෂයන් ආවරණය වන පරිදි පැවැත්වීමට නියමිතව ඇත.

සම්මන්ත්‍රණය ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහභාගී විය. 232 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහ 4 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරීතුමන්ද එම අවස්ථාවට සහභාගී වූහ.

මඩකලපුව කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරුභවතුන් විසින් මෙම අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව මෙහෙයවනු ලබයි.

වැඩසටහනේ ආරම්භක අවස්ථාවට මඩකලපුව - බටහිර කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය කලාප අධ්‍යක්‍ෂ (සංවර්ධන), යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, විදුහල්පතිවරුන් සහ ගුරු භවතුන් පිරිසක් ද සහභාගි වූහ.