Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st June 2023 20:08:27 Hours

231 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් ‘Little Sisters of the Poor’ Elders’ වැඩිහිටි නිවාසය වෙත කෘමි මර්ධන යන්ත්‍ර පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයට අයත් මඩකලපුව ප්‍රදේශයේ පිහිටි 231 පාබල බලසේනාවේ භටපිරිස් විසින් එක්සත් රාජධානියේ වෙසෙන දානපති නිශාන්තන් මහතා සහ මඩකලපුවේ ‘Singing Fish Lions Club’ හි ඒකාබද්ධ අනුග්‍රාහකත්වය මත ‘Little Sisters of the Poor’ Elders’ වැඩිහිටි නිවාසය වෙත පසුගිය ඉරිදා (ජුනි මස 04) දින කෘමි මර්ධන යන්ත්‍ර 4 ක් පරිත්‍යාග කරනු ලැබීය.

231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එන්.කේ.ඩී. බණ්ඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් වැඩිහිටි නිවාසය වෙත ගොස් රුපියල් 76,000/= ක වටිනාකමකින් යුත් කෘමි මර්ධන යන්ත්‍ර හතර පරිත්‍යාග කරන ලදී.

පරිත්‍යාග වැඩසටහන සමාප්තියේ එම වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් යුද්ධ හමුදා කැලිප්සෝ සංගීත කණ්ඩායම රසාස්වාදය ලබාදුන්නේය. මෙම වැඩිහිටි නිවාසයේ පිරිමි පුද්ගලයින් 25 දෙනෙක් සහ කාන්තාවන් 25 දෙනෙක් නේවාසිකව සිටිති.

පරිත්‍යාග වැඩසටහන සඳහා 231 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 4 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි, මඩකලපුව සහකාර පොලිස් අධිකාරී, Singing Fish Lions Club හි නියෝජිත නිලධාරීන් සහ 231 පාබල බලසේනාවේ භටපිරිස් සම්බන්ධ වූහ.