22nd September 2021 10:00:35 Hours
පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රහය ඇතිව පානම සහ පොතුවිල් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් 50 කට වියලි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ඉකුත් බදාදා (22) දින පැවැත්විණි.
මෙම වැඩසටහන 242 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්දික පීරිස් ලබාදුන් උපදෙස් මත ඒ යටතේ ස්ථාපිත 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ඒ.පී.ජි.ඩි.එස්. විජයතිලක ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාවට නැංවිණි.
ආරුගම්බේ බෙවිස්ටා හෝටලයේ සභාපතිනි ගැමුණු පෙරේරා මහත්මියගේ අනුග්‍රහකත්වයෙන් රුපියල් 2550/= ක පමණ වටිනාකමින් යුත් වියලි සලාක පාර්සල් 50 ක් පානම සහ පොතුවිල් ග්‍රාම නිලධාරී වසම් වලින් තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල් අතර මෙලෙස බෙදාදෙන ලදී.
සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව ප්‍රතිලාභින්ගේ නිවෙස් වෙත ගොස් වියලි සලාක පාර්සල් බෙදාදීමේ අවස්ථාවට 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ වැඩබලන දෙවන අණදෙන නිලධාරි මේජර් ඒ.ජි.ඩි. වේරගොඩ ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් එක්වූහ.