Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th August 2022 19:00:34 Hours

23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් වර්ටි විනයාගර් කෝවිල් පරිශ්‍රයේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වයි

සමලන්කුලම් ග්‍රාම නිලධාරී වසමේ වර්ටි විනයාගර් කෝවිලේ වාර්ෂික කෝවිල් පූජෝත්සවයට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ පිහිටි 64 වන සේනාංකයට අයත් 642 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ජුලි මස 30 දින ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන සඳහා 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී සමඟින් සිවිල් වැසියන් කිහිප දෙනෙකු ද එක්වූහ.