Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th June 2024 08:11:20 Hours

23 පාබල සේනාංකය වෙතින් සිතියම් කියවීම පිළිබඳ වැඩමුළුවක් පවත්වයි

23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ගේ මඟපෙන්වීම මත 2024 ජුනි මස 12 දින සිතියම් කියවීම පිළිබඳ වැඩමුළුවක් පැවැත්විණි. සිතියම් හැසිරවීම පිළිබඳව භටපිරිස්හී දැනුම තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවති මෙම වැඩමුළුවේ දේශනයන් මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ මාණ්ඩලික සැරයන් එම්.එම්. අමරදාස විසින් පවත්වනු ලැබීය. මෙම දේශනය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ඇතුළු භටපිරිස් 124 දෙනෙක් සහභාගි වූහ.