Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th October 2016 17:20:44 Hours

23 වන සේනාංක භටපිරිස් වෙතින් රුහුණු කේත ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් වෙත විනොදාස්වාදය

වැලිකන්ද පිහිටි රුහුණු කේත ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 80 ක් වෙනුවෙන් විනෝදාත්මක වැඩසටහනක් පුනානිහි පිහිටි 23 වන සේනාංක මුලස්ථානයේ දී පවත්වන ලදි.

23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ උපදෙස් මත මෙම වැඩසටහන ජාත්‍යන්තර ළමා දිනය (ඔක්තෝබර් 01) වෙනුවෙන් පවත්වන ලදි. නැගෙනහිර ප්‍රදේශයේ සල්ලතිව් මුහුදු තීරයේ පැවැත් වූ මෙම විනෝදාත්මක වැඩසටහන සඳහා සංගීතය සැපයීම යුද හමුදා කැලිපිසෝ කණ්ඩායම මඟින් සිදු කෙරිනි.

ඒ සඳහා සහභාගි වූවන් හට යුද හමුදා භට පිරිස් විසින් කෙටි ආහාර සහ දිවා ආහාරය සහ තේ පානය ආදිය නොමිලේ ලබාදුන් අතර, දෙමාපියන් සහ ගුරුවරුන් ද මෙම සිසුන්ගේ චාරිකාව සඳහා එක්වූහ.

url clone | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival