Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd November 2019 14:20:55 Hours

23 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

පුනායි ප්‍රදේශයේ ස්ථාපිත 23 වන සේනාංක මූලස්ථානයේ 22 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ඒ.ජී.ඩී.එන් ජයසුන්දර පසුගිය බදාදා (20) දින සිය ධූරයේ රාජකාරි අරඹන ලදී.

23 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත කාර්යාල රාජකාරීන් ආරම්භ කිරිමට ප්‍රථම හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මූරයක් පිරීනැමීමෙන් අනතුරුව 11 වන ස්වේච්ඡා ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිසක් විසින් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරීනැමීය.         

ඉන් අනතුරුව, නව සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයසුන්දර සිය කාර්යාලයේ දී මහාසංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ ආගමිකවතාවත් සිදු කරමින් සංකේතාත්මකව නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගත්හ.  

මෙම අවස්ථාව සංකේතවත් කරමින් නව සේනාංකාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළහ. ඉන් අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහය සඳහා සහභාගිවූ නව සේනාංකාධිපතිතුමන් දවසේ වැඩසටහන නිමාකරමින් නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් ඇමතූහ.

මෙම අවස්ථාව සඳහා 23 වන සේනාංකය යටතේ ඇති සියලුම බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ. Sneakers Store | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Air Jordan 1