Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th February 2023 18:39:10 Hours

23 වන ගජබා රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් තිස්සමහාරාම ප්‍රදේශයේ සිසු සිසුවියන්ට පාසල් උපකරණ පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 122 වන පාබල බලසේනාවේ සහ 12 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 23 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන් කිහිපදෙනෙකු විසින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත යෝදකණ්ඩිය, ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ සහ කිරින්ද, ප්‍රාථමික විද්‍යාලයේ අවශ්‍යතා සහිත සිසු සිසුවියන් 30 දෙනෙකු වෙත අත්‍යවශ්‍ය අධ්‍යාපනික උපකරණ පාර්සල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ඉකුත් සෙනසුරාදා (පෙබරවාරි 18) දින ශ්‍රී දේවානන්ද විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

යෝදකණ්ඩිය, ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ සිසු සිසුවියන් 10 දෙනෙකුට සහ කිරින්ද ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් 20 දෙනෙකුට මෙම වැඩසටහන යටතේ රුපියල් තුන්දහසක (3000.00) ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ පරිත්‍යාගයන් හිමි වූහ. යුද්ධ හමුදාවේ ඉල්ලීමකට අනුව ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන් කිහිපදෙනෙකු විසින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදුන්හ.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් මොහාන් රත්නායක, 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මිහිඳු පෙරේරා සහ 122 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නදීක කුලසේකර ගේ මඟපෙන්වීම මත 23 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කේ.ඒ.එස්. ගුණවර්ධන විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම අවස්ථාවට 12 වන පාබල සේනාංකයේ කර්නල් සම්බන්ධීකරණ නිලධාරි කර්නල් ඉන්දික ගුණවර්ධන, 122 වන පාබල බලසේනාවේ ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරී ලුතිනන් කර්නල් ඩී.එච්.ටී.සී. ජයවීර, 23 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, නිලධාරින්, සෙසුනිලයන් සහ පාසල් දෙකෙහිම විදුහල්පතිවරුන් සහ කාර්යය මණ්ඩලය ද සහභාගි වූහ.