04th February 2024 11:22:10 Hours
23 පාබල සේනාංකයේ භටපිරිස්, ඔට්ටමාවඩි ප්‍රදේශවාසීන් සමඟ එක්ව 76 වන ජාතික නිදහස් දිනය එම නගර පරිශ්‍රයේදී ඉරිදා (පෙබරවාරි මස 04) දින සමරනු ලැබීය.
උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහභාගි විය.
උත්සවය ආරම්භ කිරීම සඳහා සිංහල, දමිළ සහ මුස්ලිම් පාසල් නියෝජනය කරමින් ළමුන් 200කට අධික පිරිසක් සහ ප්‍රදේශවාසීන් එක්ව ඔට්ටමාවඩි නගර පරිශ්‍රයේ පාගමනින් ගමන් කර උත්සව අවස්ථාව සංස්කෘතික හා සෞන්දර්යාත්මක බවින් අලංකාරවත් කළේය.
23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් අනතුරුව, ජාතික ධජය ඔසවා පැමිණ සිටි පිරිස සමඟින් ජාතික ගීය ගායනා කරන ලදී.
76 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ගම්වාසීන් විසින් ඔට්ටමාවාඩි කලපුවේ ඔරු පැදීමේ තරඟයක් පවත්වන ලදී. 23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් මෙම කලපුවේ බෝට්ටු සේවාවක් ආරම්භ කරන ලද අතර, එය පවත්වාගෙන යනු ලබන්නේ ‘A Vision’ ජීවිතාරක්ෂක කණ්ඩායම විසිනි.
23 පාබල සේනාංකයේ භටපිරිස් සහභාගී වූ 400 කට අධික පිරිස වෙත දිවා ආහාරය, පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සපයන ලද අතර, පාසල් ළමුන් සඳහා ප්‍රවාහන පහසුකම් ද සපයාදෙනු ලැබීය. මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ප්‍රදේශවාසීන් ද එක්ව සිටියහ.