26th November 2023 10:35:11 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයට අයත් 233 පාබල බලසේනාවේ භටපිරිස් වැලිකන්ද ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල ගර්භනී මාතාවන් 80 දෙනෙකු වෙත පෝෂණිය ආහර ද්‍රවය අඩංගු සමන්විත පාර්සල් බෙදාදීමේ ප්‍රජා මූලික ව්‍යාපෘතියක් වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 23) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ ඉල්ලීමකට අනුව ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික දානපතියෙකු වන සමින්ද ජයතිලක මහතා විසින් පෝෂණිය ආහර ද්‍රවය අඩංගු සමන්විත මෙම පාර්සල් 80 සකස්කිරීම සඳහා රු. 600,000/= ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකළ අතර රුපියල් 7,500/= ක වටිනාකමකින් යුත් පාර්සල් පරිත්‍යාග කරනු ලැබීය.
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ සංකල්පයකට අනුව සංවිධානය කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය 23 පාබල සේනාංකයට අයත් 233 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.කේ.සී.එස්. ද සිල්වා ආර්එස්පි ගේ මඟපෙන්වීම සහ 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එම්.අයි.එස්. චන්ද්‍රකුමාර යූඑස්පී පීඑස්සී අයිජී ගේ අධීක්ෂණය මත ක්‍රියාත්මක කෙරිණි.
මෙහිදී, ගර්භනී මාතාවන් වෙනුවෙන් ධාන්‍ය වර්ග, කරවල, කිරිපිටි, බිත්තර, ටින්මාළු, කුළුබඩු, ළදරු ද්‍රව්‍ය, සබන්, සෝයා මීට් ආදියෙන් සමන්විත පාර්සල් පරිත්‍යාග කරනු ලැබීය.
මෙම වැඩසටහනට සමගාමීව ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ සම්බන්ධීකරණය මත නෙළුම්වැව මහා විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල නිරත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ඨ දස්කම් දැක්වූ ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරතවන සිසුවෙකු වෙනුවෙන් ශිෂ්‍යත්වයක් සහ රුපියල් ලක්ෂයක මූල්‍ය ප්‍රදානයක් ද සිදුකෙරිණි. රුපියල් 10,000.00 ක වටිනාකමකින් යුත් ශිෂ්‍යත්වය එම සිසුවා උසස් පෙළ විභාගය අවසන් කරන තෙක් ලබාදෙනු ඇත.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහභාගී වූ අතර අනුග්‍රාහක සමින්ද ජයතිලක මහතා ගෞරවනීය ආරාධිත අමුත්තෙක් වශයෙන් සහභාගී විය.
මෙම අවස්ථාව සඳහා 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී, 233 පාබල බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.