17th November 2023 05:05:58 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංක මූලස්ථානය වෙතින් 2023 නොවැම්බර් මස 14 දින එම සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි භටපිරිස් වෙනුවෙන් යුද්ධ හමුදා ගිණුම්කරණ ක්‍රියා පටිපාටිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්වීය.
ගිණුම්කරණ ක්‍රියා පටිපාටිය පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ අවබෝධය ඉහළ නැංවීම සහ විවිධ අංශයන් ඔස්සේ ඔවුන්ගේ නිවැරදි යෙදවුම් සහතික කිරීමේ අරමුණින් පූනානි ප්‍රදේශයේ ස්ථාපිත 23 වන පාබල සේනාංක මූලස්ථානයේදී මෙම වැඩමුළුව පැවැත්වීය.
මෙම වැඩමුළුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ගණකාධිකාරී නිලධාරී මේජර් එම්.යූ.අයි.සී. ගුණවර්ධන ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලැබූ අතර, මූල්‍ය කටයුතු සඳහා වගකිව යුතු ලිපිකරුවන් ඉලක්ක කරගනිමින් විශේෂ වැඩමුළුවක් මෙහිදී පැවැත්විණි.
මෙම සැසිවාරය සඳහා ගිණුම් ලිපිකරුවන් 70 දෙනෙකු සහභාගී වූ අතර, යුද්ධ හමුදාව තුළ විවිධ මූල්‍ය ක්‍රමවේදයන් පිළිබඳ අවබෝධයක් ලබාදීම සහ ඔවුන්ට මුහුණ දීමට සිදුවිය හැකි ප්‍රායෝගික අභියෝගවලට විසඳුම් ලබාදීම ද මෙහිදී සිදුකෙරිණි.
මෙම වැඩමුළුව සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශයන් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සහ 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් ලබාදුන්හ.