Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th October 2023 19:46:36 Hours

23 පාබල සේනාංකයේ භටපිරිස් ඔවුන්ගේ වී වගාවේ පළමු අස්වැන්න නෙලාගනී

වැලිකන්ද, පූනානි ප්‍රදේශයේ කුඹුරු අක්කර 20 කට අධික ප්‍රමාණයක් ආවරණය කරමින් 23 පාබල සේනාංකයේ භටපිරිස් වගාකරනු ලැබූ යල කන්නයේ පළමු වී අස්වැන්න නෙලීමේ සම්ප්‍රදායික ‘අලුත් සහල් මංගල්‍ය’ (අස්වැන්න නෙලීමේ උත්සවය) පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 29) දින පැවැත්වූහ.

23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී උපදෙස් මත භටපිරිස් විසින් රජයට අයත් භාවිතයට නොගත් වගුරු බිම් මීට මාස කිහිපයකට පෙර සකස් කොට වී වැපිරීම ආරම්භ කරන ලදී.

බිම් සකස් කර වී වපුරා මාස කීපයකින් අස්වැන්න ලබාගැනීමට භටපිරිස් විසින් සමත් වූ අතර, එම අස්වැන්නේ පළමු කොටස, පැරණි සම්ප්‍රදායන්ට අනුව බුදුන් වහන්සේට සහ ගණ දෙවියන්ට පූජා කරන ලදී.

අස්වැන්න නෙලීමේ උත්සව අවස්ථාවට 23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, එම සේනාංක මූලස්ථානයේ මාණ්ඩලික නිළධාරීන්, භටපිරිස් සහ ප්‍රදේශයේ ගොවි ජනතාවද සහභාගී වූහ.