15th March 2023 19:50:24 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන පාබල සේනාංකයට අයත් 221 වන පාබල බලසේනාවේ භටපිරිස්හි සම්බන්ධීකරණය මත එම බලසේනා මූලස්ථානයේ සේවයේ නියුතු සෙසුනිලයන්ගේ පවුල්වල අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් 67 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (මාර්තු මස 12) දින එම බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණ. එහිදී, සියලු ප්‍රතිලාභීන් වෙත රුපියල් 3500/= ක පමණ වටිනාකමකින් යුත් පාසල් උපකරණ පාර්සලයක් පරිත්‍යාග කෙරිණි. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් 221 වන බලසේනාවේ සියලු නිලයන් සහ ජර්මනියේ වෙසෙන නිලන්ති ජොහැම් මහත්මිය අනුග්‍රාහකත්වය දැක්වීය. 221 වන පාබල බලසේනාවේ සේවයේ නියුතු සියලු නිලයන් සහ සිවිල් සේවක කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත සහනයක් ලබාදීමේ අරමුණින් එම බලසේනාවේ බලසේනාධිපති කර්නල් සුජීව රත්නායක විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘතියේ අධීක්‍ෂණ කටයුතු 221 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී මේජර් ඒ.ඩී. ගුණරත්න විසින් සිදුකරනු ලැබීය.