Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th September 2020 12:21:20 Hours

221 වන බලසේනාවේ මුලිකත්වයෙන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිවිල් වැසියන් 49 දෙනෙකු වෙනුවෙන් කෘතිම අත්පා බෙදාදෙයි

221 වන බලසේනා මුලස්ථානය දැවැන්ත මානුෂීය සුභසාධන ව්‍යාපෘතියක් සදහා මූලිකත්වය ගනිමින් එම බලසේනාවේ බලසේනාධිපති ප්‍රියන්ත කාරියවසම් ගේ සම්බන්ධීකරණයෙන් කොළඹ, රොටරි සමාජයේ අනුග්‍රහය ඇතිව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිවිල් වැසියන් 49 දෙනෙකු සඳහා කෘතිම අත් පා බෙදාදීමේ වැඩසටහනක් ඉකුත් ඉරිදා (27) දින ත්‍රිකුණාමලය නගර ශාලාවේදී පැවැත්විණි.

මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය සහභාගී වන ලදී.

වන බලසේනා මුලස්ථානය ත්‍රිකුණාමලය හා ඒ අවට පිහිටි ග්‍රාම සේවා නිලධාරීන් සමඟ සාකච්ඡා කිරිමෙන් අනතුරුව ප්‍රදේශයේ කෘතිම අත් පා මිලදී ගැනීමට නොහැකි ආබාධිත සිවිල් වැසියන් හඳුනාගැනීමෙන් අනතුරුව මෙලෙස ඔවුන් වෙත කෘතිම අත් පා ප්‍රදානය කිරීමට කටයුතු කල අතර එහිදී, තෝරාගත් ආබාධිත පුද්ගලයින් 49 දෙනෙකු වෙත කෘතිම අත් පා පරිත්‍යාග කිරීමට ප්‍රථම ඔවුන්ගේ මිනුම් ගෙන එම කෘතීම අත් පා සකස් කිරීම ත්‍රිකුණාමලය නගර ශාලාවේදී සිදුකරන ලදී. මෙම වැඩසටහනට කොළඹ රොටරි සමාජයේ නියෝජිතයින්, ත්‍රිකුණාමලයේ නගරාධිපති, 221 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත කාරියවසම්, 223 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ශාන්ත පෙරේරා, 22 වන සේනාංකයේ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් ද සහභාගී වූහ. Nike air jordan Sneakers | Sneakers