Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th August 2024 11:47:15 Hours

221 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් පාසල් දරුදැරියන්ට පරිත්‍යාග වැඩසටහනක්

221 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් පී රත්නායක ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ එම බලසේනාවේ භට පිරිස් විසින් පුල්මුඩේ කණිජවේලි සිංහල පාසලේදී පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.

මෙම උත්සවයේදී පුල්මුඩේ කණිජවේලි සිංහල පාසලේ සහ පුල්මුඩේ සාගරපුර විද්‍යාලයේ සිසුන් 64 දෙනෙකුට පාසල් බෑග් සහ පාසල් පාවහන් ප්‍රදානය කරන ලදී. රත්නපුර ප්‍රදේශයේ ගජේන්ද්‍ර ලියනගේ මහතා ප්‍රමුක "ෆ්‍රෙන්ඩ්ස් ලයිෆ් සොසයිටි" සාමාජිකයින් විසින් ඒ සඳහා මුල්‍ය අනුග්‍රහය ලබා දුන්හ.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් ද සහභාගී වූහ.