Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd May 2024 18:07:00 Hours

221 පාබල බලසේනාවේ භටපිරිස් ගිරිහඬු සෑ රජමහා විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කරයි

221 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2024 මැයි මස 18 දින ගිරිහඬු සෑ රජමහා විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 221 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.කේ.ඒ.ආර්.පී. රත්නායක ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන පැවැත්විණි.

ගිරිහඬු සෑ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන්ගේ ඉල්ලීමකට අනුව ආරම්භ කෙරුණු මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 21 දෙනෙකු සහභාගී වූහ.