12th May 2021 16:15:38 Hours
වෛරසය ආසාදනය වූ රෝගීන් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යාමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උපදෙස් මත ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි 22 වන සේනාංකයට අයත් 221 වන බලසේනාවේ භටපිරිස් ඇඳන් 115 කින් සමන්විත නිලාවේලි සමුද්‍ර පුහුණු මධ්‍යස්ථානය අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කර ඇත.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරල මහතා, ත්‍රිකුණාමලය නියෝජ්‍ය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය වී. ප්‍රේමනාත්, කුච්චවේලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය එස්. යමුනා, 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සමන්ත සිල්වා, 221 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත කාරියවසම් ඇතුළු තවත් නිලධාරීන් කිහිපදෙනෙකු ඉකුත් සඳුදා (10) දිනඅතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වැඩිදියුණු කිරීමේ කටයුතු පිළිබඳ සොයාබැලූහ.
22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සමන්ත සිල්වාගේ අධීක්ෂණය යටතේ 221 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත කාරියවසම් අදාල සෞඛ්‍ය බලධාරීන් සමඟ සම්බන්ධතාවයෙන් යුතුව වැඩිදියුණු කරන ලද ඇඳන් 115 කින් සමන්විත මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය 2021 මැයි 15 දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.