24th April 2025 10:06:06 Hours
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc ගේ මඟපෙන්වීම යටතේ 221 පාබල බලසේනාවේ බලසේනාධිපති ගේ අධීක්ෂණය යටතේ එම බලසේනාවේ භටපිරිස් විසින් 2025 අප්‍රේල් මස 21 දින ත්‍රිකුණාමලය සිද්ධාර්ථ ප්‍රාථමික පාසලේ ළමුන් සඳහා සුභසාධන වැඩසටහනක් එම පාසල් පරිශ්‍රයේදී පවත්වන ලදී.
එම වැඩසටහනේදී දරුදැරියන් වෙත පාසල් උපකරණ බෙදාදුන් අතර, පාසල් කාර්ය මණ්ඩලය සහ දරුදැරියන් වෙත දිවා ආහාරය ද ලබාදෙනු ලැබීය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ.