Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22 වන සේනාංකයේ භට පිරිස් වෙතින් ළමා සංවර්ධන මධ්‍යස්ථානයකට පාසල් උපකරණ පරිත්‍යගයක්

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනංකයේ භට පිරිස් විසින් ත්‍රිකුණාමලය රේවත ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ පරිත්‍යාග වැඩසටහනක් බ්‍රහස්පතින්දා (09) දින සංවිධානය කරනු ලැබීය.

රේවත ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ සිසුන් වෙනුවෙන් පාසල් බෑග්, අභ්‍යාස පොත්, සපත්තු, ක්‍රීඩා උපකරණ සහ මඳුරු දැල් ඇතුළු රුපියල් 60,000/= ක වටිනාකමින් යුතු උපකරණ තොගයක් මෙහිදිපරිත්‍යාග කළහ.

රේවත ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ පාලිකාවගේ ඉල්ලීමකට අනුව 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකරගේ උපදෙස් මත මෙම පරිත්‍යාග වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහභාගි වු අතර, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහ සෙසු නිලයින් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

spy offers | Converse Chuck Taylor All Star Translucent - Women Shoes - 165609C