Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22 වන සේනාංක අභියෝගතා වෝලිබෝල් කුසලානය 5 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට

222 වන බලසේනාවේ අධීක්‍ෂණය යටතේ 5 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව විසින් සංවිධානය කළ ‘22 වන සේනාංක අභියෝගතා කුසලාන’ වෝලිබෝල් තරඟාවලිය බදාදා (06) දින කන්තලේ පිහිටි 5 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

මෙම තරඟයවලිය සඳහා කණ්ඩායම් 11 ක් සහභාගි වූ අතර, 6 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය සහ 5 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජි‍මේන්තුව අවසන් තරඟයට තේරීපත් විය.

එහිදි 5 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජි‍මේන්තුව ශුරතාවය හිමිකරගත් අතර 6 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායට අනුශුරතාවය හිමිවිය.

තරඟයේ හොඳම ප්‍රහාරකයා ලෙස තුවක්කු සෙබළ පී.අයි.ඒ ප්‍රේමසිරි තේරීපත් වූ අතර හොඳම පන්දු ඔසවන්නා ලෙස තුවක්කු සෙබළ එස්.බි.ඒ.එන්.එම් අමරසිරි තේරීපත් විය. තවද හොඳම ක්‍රීඩකයා ලෙස තුවක්කු සෙබල පී.ජි.ටි.එම් කුමාරසිංහ තේරීපත් විය.

මෙම තරඟාවලියේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහභාගි විය.

Sports Shoes | nike air barkley posite 76ers shoes for women Maximum Volume DJ4633-010 Release Date - SBD