Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22 වන යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල දෙසැම්බර් 27 වන දින ආරම්භ වේ

යුද්ධ හමුදා රෙජිමේන්තු 11 ක නියෝජනය කරමින් ආබාධිත යුද්ධ හමුදා රණවිරුවන් 700 කගේ පමණ සහභාගිත්වයෙන් 22 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල දෙසැම්බර් මස 27 දින සිට 29 දින දක්වා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතව ඇත.

තෙදිනක් පුරා පැවැත්වීමට නියමිත පැරා ක්‍රීඩා උළෙල සඳහා දුනු විදීම, බැඩ්මින්ටන්, බයිසිකල් පැදීම, වෙඩි තැබීම, මේස පන්දු, බර ඉසිලීම, රෝද පුටු මැරතන්, ටෙනිස්, වෙරළ අත්පන්දු, ඔරු පැදීම, පිහිනීම යන තරඟ ඉසව් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වීමට නියමිතය. ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගමේ අනුග්‍රහකත්වය ඇතිව 22 වන යුද්ධ හමුදා පැරා මළල ක්‍රීඩා තරඟාවලිය - 2019 පැවැත්වේ.

මෙම තරඟාවලිය වෙනුවෙන් පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගමේ හර්ෂ සමරනායක මහතා නිල අනුග්‍රාහක චෙක්පත යුද්ධ හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ සභාපති මෙන්ම යුද්ධ හමුදා මූලස්ථානයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න වෙත භාර දුන්හ.

මෙම අවස්ථාව සඳහා ඩයලොග් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමණාකරණ ජෙනරාල්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ උප සභාපති බ්‍රිගේඩියර් රොනල්ඩ් බෝගොඩවත්ත සහ යුද්ධ හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ ලේකම් බ්‍රිගේඩියර් රාජා ගුණසේකර සහභාගි වුහ. jordan release date | nike air speed turf rose gold price per gram