Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th March 2024 15:40:22 Hours

22 පාබල සේනාංකයේ ‘සේනාංකාධිපති අභියෝග කුසලාන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය’ සාර්ථකව අවසන්

22 පාබල සේනාංකයේ ‘සේනාංකාධිපති අභියෝග කුසලාන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය’ 2024 පෙබරවාරි මස 27 සිට 2024 මාර්තු මස 3 දින දක්වා එම සේනාංකය වෙතින් පවත්වනු ලැබීය. මෙම තරඟාවලිය සඳහා 22 පාබල සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන් නියෝජනය කරමින් කණ්ඩායම් 10 ක සහභාගී විය.

මූලික තරග 22 කින් අනතුරුව 22 පාබල සේනාංක කණ්ඩායම සහ 2 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තු කණ්ඩායම් අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ අතර 2024 මාර්තු මස 3 දින ඕර්ස් හිල් ක්‍රීඩාපිටියේ පැවති අවසන් මහා තරඟයේදී 2 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුව ශූරතාවය දිනාගනු ලැබීය.

මෙම තරඟාවලිය සාර්ථකව පැවැත්වීම සඳහා මඟපෙන්වීම් ලබාදුන් 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීය. ඉතා තියුණු මුහුණුවරකින් පැවති අවසන් මහා තරඟය නැරඹීම සඳහා ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ඇතුළු විශාල ප්‍රේක්‍ෂක පිරිසක් සහභාගී වූ අතර ඉන් අනතුරුව පැවති වර්ණවත් සංගීත රාත්‍රියකින් පසු එම උත්සවය නිමාවට පත්විය.