26th May 2024 16:08:09 Hours
22 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සංකල්පයක් මත එතුමන්ගේ සම්බන්ධීකරණය යටතේ අනුග්‍රාහක භවතුන් විසින් ලබාදුන් මූල්‍ය ප්‍රතිපාදන භාවිතා කරමින් ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ පිහිටි බක්මීගම ගම්මානයේ නිවාස අවශ්‍යතා සහිත අඩු ආදායම්ලාභී පවුලක් වන රංජිත් පියරත්න මහතාගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබීය.
223 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය මත 6 (ආධාරක) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය සඳහා සිය ශ්‍රම දායකත්වය ලබාදෙයි.
නව නිවස ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවය 2024 මැයි මස 22 දින පැවති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහභාගී විය. එමෙන්ම, 223 පාබල බලසේනාවේ බලසේනාධිපති, 6 (ආධාරක) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරීතුමන් ද මෙම අවස්ථාවට එක්වූහ.
ඩෘවි පෙරේරා මහතාගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත ඉදිකරනු ලබන නව නිවසේ ඉදිකිරීම් කටයුතු මාස තුනක කාලසීමාවක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාව සඳහා ගෝමරන්කඩවල සහකාර ප්‍රාදේශීය ලේකම්, ගෝමරන්කඩවල නගර සභාවේ ලේකම්, බක්මීගම ග්‍රාම නිලධාරී, 6 (ආධාරක) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ද සහභාගී වූහ.