Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th February 2024 17:28:41 Hours

22 පාබල සේනාංකය ‘යුද සාහිත්‍යය තුලින් රණවිරු අභිප්‍රේරණය’ මැයෙන් දේශනයන් පවත්වයි

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ ‘යුද සාහිත්‍යය තුලින් රණවිරු අභිප්‍රේරණය’ මැයෙන් හරවත් දේශනයන් 22 පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී (ජනවාරි මස 15) දින පැවැත්විණි.

රණවිරුවා සඟරාවේ ප්‍රධාන සංස්කාරක ලුතිනන් කර්නල් ඊ.ඒ.ඒ.එස්. චාමින්ද ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම දේශනයේදී යුද සමයේ අත්දැකීම් සහ සත්‍ය සිදුවීම් පිළිබඳ මතාකාවර්ජනය කරනු ලැබීය. එහිදී ලුතිනන් කර්නල් ටී.පී.ජී.කේ.පී. ද අල්විස් ආර්ඩබ්ලිව්පී යුඑස්පී පීඑස්සී විසින් ‘අභිමානවත් සොල්දාදුවා’ මැයෙන් දේශනයක් පැවැත්වීය.

22 පාබල සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් 250 කට අධික පිරිසක් මෙම දේශනය සඳහා සහභාගි වූහ.