Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th February 2024 15:30:01 Hours

22 පාබල සේනාංකය ජාතික නිදහස් දිනය වෙනුවෙන් සුභ සාධක වැඩසටහන් මාලාවක් පවත්වයි

76 වන ජාතික නිදහස් දිනයට සමගාමීව 22 පාබල සේනාංකයේ නවතමයෙන් ඉදිකරන ලද දේශන ශාලාව, රූපවාහිනී නැරඹුම් මැදිරිය සහ විවේකාගාරය 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඉරිදා (පෙබරවාරි මස 4 ) දින විවෘත කර භටපිරිස් වෙත පවරා දෙන ලදී.

22 පාබල සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි භටපිරිස් මූලිකත්වයෙන් 76 වන නිදහස් දිනය වෙනුවෙන් වැඩසටහනක් සංවිධානය කරන ලද අතර, එහිදී විජිත විජේසේකර මහතා සහ ඉන්දු මුදලිගේ මහත්මියගේ අනුග්‍රාහකත්වයෙන් සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ දහම් පාසල් ළමුන් 265 දෙනෙකු සඳහා දිවා භෝජන සංග්‍රහයක් ලබාදෙන ලදී.