Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th December 2024 22:01:46 Hours

22 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ බලඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන්

22 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ බලඇණි පුහුණු පාඨමාලාව 2024 ඔක්තෝම්බර් මස 14 සිට දෙසැම්බර් මස 04 දින දක්වා කටුකෙලියාව ප්‍රදේශයේ ස්ථාපිත 1 බලකා පුහුණු පාසලේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න ආර්එස්පී විසින් සමාප්ති දේශන පවත්වන ලදී. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් පාඨමාලාවේ විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සම්මාන සහ කුසලාන පිරිනැමිණි.

නිලධාරීන් 12 දෙනෙකු සහ සෙසුනිලයන් 330 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති මෙම පාඨමාලාවේ විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූවන් පහතින් දැක්වේ:

• සෑම අතින්ම අතිශූර සිසුවා: දෙවන ලුතිනන් එල්.පී.එන්. මදුරංග

• දක්‍ෂතම වෙඩික්කරු: කපිතන් කේ.එස්.එස්.එස්. කහඳගේ

• හොඳම ශාරීරික යෝග්‍යතාවය හෙබි සෙබළා: පාබල සෙබළ ඩී.ඩී.එන්. ප්‍රභාත්

• දක්‍ෂතම කණ්ඩායම: ‘ඒ’ කණ්ඩායම

• දක්‍ෂතම කණ්ඩය: ‘ඒ’ කණ්ඩායමේ 1 කණ්ඩය

• දක්‍ෂතම පෙළ: ‘ඒ’ කණ්ඩායමේ 2 වන කණ්ඩයේ 1 පෙළ