Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th May 2024 21:49:04 Hours

22 පාබල සේනාංක වොලිබෝල් තරගාවලියේ ජයග්‍රහණය 5(ස්වේච්ජා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති අභියෝග කුසලාන වොලිබෝල් තරඟාවලිය, 2024 මැයි මස 7 දින සිට 9 දින දක්වා පැවැත් වූ අතර, එහි අවසන් තරඟය 2024 මැයි මස 11 දින කන්තලේ සීනිපුර ශ්‍රී ලංකා කාලතුවක්කු වොලිබෝල් පිටියේදී පැවැත්වූහ. මෙම තරඟාවලිය 5 (ස්වේච්ජා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භඨපිරිස් විසින් සංවිධානය කළේය.

22 පාබල සේනාංකයේ බලසේනා සහ ඒකකයන් නියෝජනය කරමින් කණ්ඩායම් තරඟ වැදුණු අතර, 5(ස්වේච්ජා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කණ්ඩායම එහි ශූරතාවය හිමිකර ගත්හ.

ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහභාගී විය.

මෙම තරගාවලිය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි වූහ.