Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th December 2023 18:13:26 Hours

22 පාබල සේනාංක මූලස්ථානයේ පැවති ‘මෝටර් බෝට්ටු ක්‍රියාකරවීම පිළිබඳ මුලික පාඨමාලාව - 2’ සාර්ථකව අවසන්

22 පාබල සේනාංකයේ භටපිරිස් විසින් එම සේනාංක මූලස්ථානය යටතේ සේවයේ නියුතු භඨපිරිස් වෙනුවෙන් නොවැම්බර් මස 27 සිට දෙසැම්බර් මස 9 දින දක්වා ‘මෝටර් බෝට්ටු ක්‍රියාකරවීම පිළිබඳ මුලික පාඨමාලාව - 2’ එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.

7 ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ උපදේශකවරුන් විසින් පවත්වනු ලැබූ මෙම පාඨමාලාව සඳහා සෙසුනිලයන් 34 දෙනෙකු සහභාගී වූහ.

ගංවතුර හෝ අනෙකුත් ඕනෑම හදිසි අවස්ථාවකදී කඩිනමින් ක්‍රියාත්මක වීම සඳහා භටපිරිස් දැනුවත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම පාඨමාලාවේදී එන්ජිමේ කොටස් හඳුනාගැනීම සහ එන්ජිමේ දෝෂ සකස්කිරීම ඇතුළු මෝටර් බෝට්ටු ක්‍රියාත්මක කිරීමේ න්‍යායික සහ ප්‍රායෝගික අංශයන් පිළිබඳව භටපිරිස් දැනුවත් කරන ලදී.

පාඨමාලාවේ ප්‍රථම ස්ථානය 9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් ඩී.පී.ඩී.යූ.කේ. වික්‍රමසිරි විසින් දිනාගන්නා ලදී. පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානෝත්සවය 2023 දෙසැම්බර් මස 10 දින 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.