Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th July 2024 18:37:51 Hours

22 පාබල සේනාංකය සේනාංකාධිපති අභියෝගතා පාපන්දු තරඟාවලියක් පවත්වයි

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්ඩබ්ලිව්පී යූඑස්පී පීඑස්සී මඟපෙන්වීම යටතේ සේනාංකාධිපති අභියෝගතා පාපන්දු තරඟාවලිය 2024 ජූලි මස12 දින සිට 16 දින දක්වා කෙසෙල්තුඩුව පිහිටි කඳවුරු පිටියේදී පැවැත්විණි

මෙම තරඟාවලිය සඳහා පාබල සේනාංකය යටතේ ස්ථාපිත පාබල බලසේනා සහ ඒකකයන් නියෝජනය කරමින් කණ්ඩායම් 10ක් තරඟාවලියට සහභාගී විය. අවසන් වටය සඳහා 22 පාබල සේනාංක කණ්ඩායම සහ 2 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තු කණ්ඩායම සමඟ තරඟ වැදුනු අතර, උණුසුම් තරඟයකින් අනතුරුව 2 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුව ශූරතාවය හිමිකරගනු ලැබීය.

මෙම අවස්ථාවට බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගි වූහ.