Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th April 2024 14:46:38 Hours

213 පාබල බලසේනාව සහ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් එක්ව ‘බක්මහ උලෙළක්’ සංවිධානය කරයි

213 පාබල බලසේනාවේ භටපිරිස්, මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව සමඟින් එක්ව සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව සම්ප්‍රදායික ජන ක්‍රීඩා සහ විනෝදාස්වාදජනක අංග ඇතුලත් බක්මහ උලෙළක් මැදවච්චිය, මහජන ක්‍රීඩාංගණයේදී පසුගිය සෙනසුරාදා (අප්‍රේල් මස 20) දින සංවිධානය කරන ලදී.

මෙම බක්මහ උලෙළ 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස් හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ උපදෙස් මත 213 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් පී. එම්. ද සිල්වා ආර්එස්පී යූඑස්පී ගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 21 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහභාගී වූ අතර, උත්සව කටයුතු අවසානයේදී සංගීත ප්‍රසංගයක්ද පැවැත්විය.

උත්සව අවස්ථාවට මැදවච්චිය ප්‍රාදේශීය ලේකම්, ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්, යුද්ධ හමුදා නිලධාරීන්, සෙසුනිලයන් සහ ප්‍රදේශවාසීන් රැසක් ද එක්ව සිටියහ.