Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th February 2025 09:54:20 Hours

212 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් පිරිසිදු කිරීමේ වැඩසටහනක්

අනුරාධපුර, අටමස්ථානය පූජනීය නගරය, තිසාවැව සහ බසවක්කුලම වැව් බැම්ම අවට පිරිසිදු කිරීමේ වැඩසටහනක් 212 සහ 213 බලසේනාවේ සාමාජිකයන් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් 2025 පෙබරවාරි මස 17 දින පැවැත්විණ.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ 21 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත 212 පාබල බලසේනාව වෙතින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව පැවැත්වුණු මෙම වැඩසටහනට පරිසර හිතකාමී වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

බ්‍රිගේඩියර් බී.ඒ.එම්.පී බාලසූරිය RSP ගේ අධීක්‍ෂණය මත ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහනේදී, අනුරාධපුර, අටමස්ථානය පූජනීය නගරය මෙන්ම තිසාවැව සහ බසවක්කුලම වැව් බැම්ම අවට ඉවතළා තිබූ දිරාපත් නොවන ප්ලාස්ටික්, පොලිතීන් සහ වීදුරු ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කෙරුණු අතර ඊට 300කට අධික පිරිසක් සහභාගි වූහ.