28th February 2023 18:17:08 Hours
ආරක්ෂක සේනා මූලස්ථාන - වන්නි යටතේ ස්ථාපිත 21 වන පාබල සේනාංකයට අයත් 211 වන පාබල බලසේනාවේ භටපිරිස්වල සම්බන්ධීකරණයෙන් (The Spirit of Giving) සංගමයේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත 211 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද විජයරත්න ගේ ප්‍රධානත්වයෙන් කැබිතිගොල්ලෑව, පඩිග්ගම, අ/ධර්මාශෝක විද්‍යාලයේ සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ ඇසුරුම් 64ක් පරිත්‍යාග කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (25) දින පවත්වනු ලැබීය.
මෙම පරිත්‍යාගන් සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි ‘The Spirit of Giving’ සංගමයේ ජෝවි කාසිචෙට්ටි මහතා සහ රෝසි ටියුරින්, සුභාෂිනී හපන්ගම යන මහත්මීන් විසින් දක්වන ලදී.
උත්සව අවස්ථාව සඳහා මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් එම්.සී මලවිආරච්චි මහත්මිය, 211 වන පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී, මෙම සමාජ සත්කාරක වැඩසටහන සංවිධානය කිරීමට මූලිකව කටයුතු කරන ලද අතර 2 වන (සෙව්) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී සහ සෙසු නිලයින් පිරිසක්ද සහභාගී වූහ.