Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21 වන සේනාංකයේ ක්‍රීඩකයින් ස්කොෂ් තරඟාවලියේ ශූරතාවය හිමිකරගනී

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ක්‍රීඩා කෞෂල්‍යන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ අන්තර් රෙජිමේන්තු ස්කොෂ් තරඟාවලියේ ඉකුත් සඳුදා (05) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන ස්කොෂ් ක්‍රීඩාපිටියේ දී පැවැත්විණි.

මෙම තරඟාවලිය 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පූරක සෙනවිරත්න ගේ අධීක්‍ෂණයෙන් 561 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ප්‍රියන්ත රත්නායක ගේ උපදෙස් මත එම බලසේනාව විසින් සංවිධානය කරන ලදී.

මෙවර තරඟාවලිය සඳහා 21, 54, 56, 61 සහ 62 වන සේනාංක මෙන්ම උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙස නියෝජනය කරමින් ක්‍රීඩකයින් සහභාගී වූහ. අවසන් තරඟයේදී, 21 වන සේනාංකය නියෝජනය කළ 2 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් ඩි.එම්.එස්. ජයකොඩි තරඟාවලියේ ශූරතාවය හිමිකරගත් අතර තරඟාවලියේ අනුශූරතාවය 62 වන සේනාංකය නියෝජනය කළ 9 වන ගජබා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබළ එස්.එම්.ඩි.එස්. සඳනායක හිමිකරගත්හ.

තරඟාවලියේ ජයග්‍රහකයින් වෙත කුසලාන සහ සහතිකපත් පිරිනැමීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන සහභාගි වූ අතර 21, 54, 56, 61 සහ 62 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන් මෙන්ම උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපතිතුමන් ඇතුළු නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ. buy footwear | Ανδρικά Nike