Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd April 2024 14:41:32 Hours

21 පාබල සේනාංකයේ සාමාජිකයන් කළුදිය පොකුණ කඳුවැටිය තරණය කරයි

21 පාබල සේනාංකයේ නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් 2024 මාර්තු මස 07 දින මිහින්තලේ, කළුදිය පොකුණ කඳුවැටිය තරණය කිරීමේ සංචාරයක නිරතවූහ. සුහදත්වය වර්ධනය කිරීම, කණ්ඩායම් ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම සහ අන්‍යෝන්‍යයන් අතර සමඟිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම සංචාරය සංවිධානය කරනු ලැබීය.

මෙම සංචාරය 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ සිදුකරනු ලැබීය. මෙම සංචාරය සඳහා සහභාගී වූවන් අන්‍යෝන්‍යය සහයෝගයෙන් යුතුව කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කරනු ලැබූහ. සහයෝගීතාවයේ සහ අන්‍යෝන්‍ය සහයෝගයේ වැදගත්කම, බැඳීම ශක්තිමත් කරමින් සහ බාධක ජයගැනීම පිළිබඳ මතකාවර්ජනයන් නිර්මාණය කිරීමේ වැදගත්කම මෙම සංචාරය තුළින් ඔවුන් වෙත හිමිවනු ඇත.

21 පාබල සේනාංකයේ සහභාගී වූ සාමාජිකයන් වෙත අමතක සංචාරයක මතක සටහන් ඉතිරි කරමින් මෙම අභ්‍යාසය මහ කනදරාව වැව අසලින් අවසන් කෙරිණි.