04th April 2024 14:52:14 Hours
21 පාබල සේනාංකයේ භටපිරිස් විසින් අනුරාධපුර, කූබිච්චිකුලම් වැව් බැම්මෙහි පිහිටි ඇවිදින මංතීරුව පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් 2024 මාර්තු මස 26 දින ක්‍රියාත්මක කරනු ලැබීය.
එම සේනාංකයේ 36 වන සංවත්සර දිනයට සමගාමීව 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ ආර්ඩබ්ලිව්පි ආර්ස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.