Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th March 2020 10:50:50 Hours

21 වන සේනාංකය සහ වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය තව තවත් ප්‍රජා මූලික ව්‍යාපෘති වලට නැඹුරුවෙති

අනුරාධපුර පිහිටි වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය මෙන්ම ඒ යටතේ ඇති 21 වන සේනාංක මූලස්ථානය එක්ව අඛණ්ඩව පවත්වනු ලබන ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියන්හී තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් ඉකුත් ඉරිදා (8) දින අනුරාධපුර තරුණ සේවා මධ්‍යස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදී වෛද්‍ය කඳවුරක් පවත්වමින් අවශ්‍යතා සහිත පුද්ගලයින් 500 කට අධික පිරිසකට වෛද්‍ය පරික්‍ෂණයක් සහ ඇස් කණ්නාඩි මෙන්ම කෘතීම අත් පා බෙදාදෙනු ලැබීය.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ගේ ආශිර්වාදය ඇතිව දියත් කරන ලද මෙම ව්‍යාපෘතිය කෙටි සමාරම්භක උත්සවයකින් ආරම්භ වූ අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 21 වන සේනාංකයේ මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ සහභාගී විය.

21 වන සේනාංක මූලස්ථානයේ ඉල්ලීම පරිදි කොළඹ රොටරි සමාජය සහ කොළඹ ‘අසරණ සරණ සමිතිය’ මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහය දැක්වීය. මෙම අවස්ථාවට අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි රොටරි සමාජයේ අධ්‍යක්‍ෂ, පළාත් සෞඛ්‍ය සේනා අධ්‍යක්‍ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා, 212 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනිල් පීරිස්, 213 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රසික කුමාර,21 වන සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 21 වන සේනාංකයේ නිලධාරින් සහ සෙසු නිලයින් මෙන්ම ප්‍රතිලාභීන් සහ සිවිල් වැසියන් ද සහභාගී වූහ.

මේ අතර, ඉකුත් සඳුදා (9) දින වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් එම මූලස්ථාන ශ්‍රවණාගාරයේදී දිළිඳු සිවිල් වැසියන්ගේ ප්‍රයෝජනය සඳහා ඇස් කණ්නාඩි බෙදාදීම සහ ජංගම සෞඛ්‍ය සායනයක් පවත්වනු ලැබිණි. මෙම ජංගම සායනයේදී සිවිල් වැසියන් 250 කට අධික පිරිසක් සම්පූර්ණ වෛද්‍ය පරික්‍ෂණ සහ පරික්‍ෂාවන් සිදු කර ඇත. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි සමඟ එම මූලස්ථානයේ සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරි මෙන්ම එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති සේනාංක සහ බලසේනාවන්හී ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද මෙම අවස්ථාව සඳහා එක්වූහ.

කර්නල් ජනක රත්වත්ත ගේ පෞද්ගලික සම්බන්ධීකරණයෙන් කොළඹ රොටරි සමාජය මෙම ජංගම සායනය පැවැත්වීමට සහ අවශ්‍යතා සහිත සිවිල් වැසියන්ට නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදීමට අනුග්‍රහය දැක්වීය. Sports Shoes | adidas garwen spezial white shoes - New In Shoes for Men