Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th December 2023 18:47:53 Hours

21 පාබල සේනාංක මූලස්ථානයේදී ‘Diners' Club’ පුහුණු සැසියක්

21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩියූ පීඑස්සී ගේ උපදෙස් මත අනුරාධපුරයේ ස්ථාපිත 21 පාබල සේනාංක මූලස්ථානයේදී ‘Diners' Club’ පුහුණු සැසියක් පසුගිය සඳුදා (දෙසැම්බර් මස 11) දින පැවැත්වීය.

මෙම පුහුණු සැසිය සඳහා යුද්ධ හමුදා දේශකයෙකු වන මේජර් ජෙනරල් එම්.පී කරුණාරත්න (විශ්‍රාමික) අයිජී විසින් සිදුකරනු ලැබූ අතර, එහිදී එතුමන් ‘ලෝකයේ සමකාලීන ආරක්ෂක අභියෝග’ යන තේමාව යටතේ දේශනයක් සිදුකරන ලදී.

පුහුණු සැසිය සමාප්තියේදී, 21 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් එම්.පී කරුණාරත්න (විශ්‍රාමික) අයිජී ගේ දායකත්වය අගය කරමින් සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.