Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2024-02-06

2024-02-06

උතුර: හමුදා භටපිරිස් සහ හලෝ ට්‍රස්ට් බිම්වෙඩි ඉවත් කිරීමේ සංවිධානය විසින් සදුදා (05) දින කෝනවිල් බ්ම් වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු රන්ගන් 99 පුද්ගල නාශක බෝම්බ 1ක් සොයාගෙන ඇත.

මධ්‍යම: හමුදා බුද්ධි බලකා භඨපිරිස් වෙත ලද තොරතුරකට අනුව මොණරාගල දූෂණ මර්දන ඒකකය විසින් ඉරිදා (4) දින කැබිලිත්ත ප්‍රදේශයේදී ගංජා කිලෝග්‍රෑම් 1658.40 ක් (දළ වටිනාකම රු: මිලියන 66.3) සහ දේශිය නිශ්පාදිත ගිනි අවි 02ක් සමග සිවිල් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අක්කර 2ක වගාකර තිබු ගංජා පැල 16800 ක් විනාශ කර ඇත.

මධ්‍යම: හමුදා බුද්ධි බලකා භඨපිරිස් වෙත ලද තොරතුරකට අනුව කාවන්තිස්සපුර විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් සදුදා (5) දින යාල රක්‍ෂිත ප්‍රදේශයේ අක්කර ½ ක වගාකර තිබු අඩි 7ක් පමණ උස ගංජා පැල 7000 ක් පමණ විනාශ කර ඇත.

සිංහල