Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2021 ටෝකියෝ පැරා ඔලිම්පික් තරඟාවලිය සඳහා මාණ්ඩලික සැරයන් ජේ.ඒ.එම්.පී. ජයකෝඩි සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා පැරා මළල ක්‍රීඩක, විශේෂ බලකා රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් ජේ.ඒ.එම්.පී ජයකොඩි පසුගිය සිකුරාදා (07) දින ජපානයේ ටෝකීයෝහී පැවති ආසියානු සහ ඕෂීනියානු පැරා ඔරු පැදීමේ තරඟාවලියේ පිරිමි කේවල ඉසව්වෙන් පළමු ස්ථානය ලබාගත්තේය. ඒ මිනිත්තු 11 තත්පර 04.23 කින් තරඟය නිමා කරමිනි.

ඒ සමඟින් ඔහු ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත 2021 ටෝකියෝ පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ද සුදුසුකම් ලැබුවේය.

පැරා ඔලිම්පික් තරඟාවලියේ ඔරු පැදීමේ ඉසව්ව සඳහා සහභාගී වීමට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ ද මාණ්ඩලික සැරයන් ජේ.ඒ.එම්.පී ජයකොඩි වේ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඔරු පැදීමේ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් සංජය වනසිංහ සමස්ත තරඟාවලිය සඳහා අවැසි සහයෝගය ලබාදුන්නේය.

මේ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට මේජර් ඒ.එම්.එම්.එම්. අලගියවන්න (පුහුණුකරු), කපිතන් එම්.බී.සී.එච්. ලියනගේ (සහයක පුහුණුකරු) සහ මාණ්ඩලික සැරයන් ජේ.ඒ.එම්.පී ජයකොඩි ඇතුළත් වූහ. මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, උස්බෙකිස්තානය සහ තායිලන්තය යන රටවල් නියෝජනය කරමින් තරඟකරුවන් සහභාගී වූහ.