Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2019 ජාතික ආබාධිත මළල ක්‍රීඩා උළලේ ශූරතාවය ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට

ජාතික ආබාධිත ඔලිම්පික් කමිටුව විසින් සංවිධානය කරන ලද 2019 - ජාතික ආබාධිත මළල ක්‍රීඩා උළෙල සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සැප්තැම්බර් 5 සහ 6 යන දිනයන්හීදි පැවැත්විණි.

මෙවර ජාතික ආබාධිත කමිටුවේ (NPC) ශූරතාවය සඳහා ධවන හා පිටිය ඉසව් 190 ක් පමණ පවත්වන ලදී. එහිදි දෘශ්‍යාබාධිත, ශාරීරික ආබාධ සහ මානසික සංකූලතා ඇති පිරිමි සහ කාන්තා ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් කණ්ඩායම් තුනකට නම් කර ඔවුන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබාදී තිබේ.

දිවයිනේ විවිධ පළාත්වල උතුරු පළාත් සභාවට අනුබද්ධිත ක්‍රීඩා සමාජ 45 කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරමින් ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800 කට අධික සංඛ්‍යාවක් මෙම ශූරතාවලියට තරඟ වැදුණි.

පැවති ජාතික ආබාධිත ඔලිම්පික් තරඟාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව නියෝජනය කළ ක්‍රීඩකයින් හිමිකරගත් අතර කොළඹ පුනරුත්ථාපන ලංකා ක්‍රීඩා සමාජය මේ වසරේ කාන්තා ශූරතාවය හිමිකර ගත්හ.

මේ අතර, විජයබාහු පාබල රෙජිමේන්තුව සහ සීදූව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පිළිවෙලින් පිරිමි සහ කාන්තා කාණ්ඩවල අනුශූරයන් බවට පත්විය.

මෙම ශූරතාවලියේදී නව වාර්තා 34 ක් පිහිටුවන ලදී.

අනතුරු පැවති අවසන් මහ තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහභාගී වූ අතර එහිදි එතුමන් විසින් ජයග්‍රාහකයින්ට කුසලාන සහ සහතික පත් ද පිරිනැමීය.

මෙවර ජාතික ආබාධිත ක්‍රීඩා උළලේ ‘හොඳම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්’ ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ නුවන් ඉන්දික සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ බුද්ධික ඉන්ද්‍රපාල තේරී පත් විය. Nike footwear | Nike