Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2018 - ආරක්‍ෂක සේවා ක්‍රිකට් තරඟාවලියේ ශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට

2018 - ආරක්‍ෂක සේවා ක්‍රිකට් තරඟාවලිය මැයි මස 03 දින සිට ජුනි මස 30 වන දින දක්වා පැවැති අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීකට් ක්‍රීඩකයින් ලකුණු 105 කින් පරාජයට පත් කර තරඟාවලියේ ශුරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් සමත්විය.

එහිදි, යුද්ධ හමුදා ක්‍රීඩිකාවන් ප්‍රථමයෙන් පන්දුවට පහරදී පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවි ලකුණු 256 ක් ලබාගැනීමට සමත්විය. පිළිතුරු ඉනීම ක්‍රීඩා කල ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩිකාවන් පන්දුවාර 42 පන්දු 5 ක් අවසානයේ සියලුදෙනා දැවි ලබාගැනීමට හැකි වූයේ ලකුණු 151 ක් පමණි. එමෙන්ම, අවසන් තරඟයේ දී කාන්තා සෙබල ඩි.එම්.එස්.එම් කුමාරි පන්දුවාර 10 කදී ලකුණු 29 ට කඩුලු 4 ක් බිඳ හෙළිමට සමත්වූ අතර කාන්තා සෙබල එච්.අයි.එස්. මෙන්ඩිස් අවසන් තරඟයේ දී ලකුණු 121 ලබාගැනීමට සමත්විය.

2018 ආරක්‍ෂක සේවා ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහභාගි වූ අතර ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, කළමණාකරුවන් සහ ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් රැසක් එක්ව සිටියහ.

affiliate tracking url | Men's Sneakers