Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2018 අන්තර් රෙජිමේන්තු කැරම් ශුරතාවය විජයබාහු පාබල රෙජිමේන්තුවට

2018 අන්තර් රෙජිමේන්තු කැරම් ශුරතා තරඟාවලිය පසුගිය 20 දින සිට 24 දින දක්වා ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පවත්වන ලද අතර එහිදී විජයබාහු පාබල රෙජිමේන්තු කැරම් කණ්ඩායම අන්තර් රෙජිමේන්තු කැරම් ශුරතාවය දිනාගැනීමට සමත්විය.

මෙම තරඟාවලිය සඳහා රෙජිමේන්තු 14 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වුහ. විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම අතර පැවති තරගයෙන් විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම ද, කාන්තා අංශය නියෝජනය කරමින් 6 වන ශ්‍රී ලංකා කාන්තා බලකා කණ්ඩායම සහ 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාන්තා බලකා කණ්ඩායම අතර පැවති තරගයෙන් 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාන්තා බලකා කණ්ඩායම ජයග්‍රහණය හිමිකරගනු ලැබීය.

මෙහි කුසලාන හා සහතික පත්‍ර ප්‍රදානය කිරිමේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න සහභාගි වූ අතර ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරාල් නිලන්ත හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරාල් ලයනල් කස්තුරිආරච්චි ද මීට එක්ව සිටියහ.

මෙම තරඟාවලියේ දක්‍ෂතා දැක්වු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ නම් පහත සඳහන් පරිදි වේ.

පිරිමි ඛාණ්ඩය

සාමාන්‍ය සෙබළ එන්.එම්.ඒ අහමඩ් (ශ්‍රී ලංකා සංඥා බලකාය)

කාන්තා ඛාණ්ඩය

කාන්තා සෙබළ ආර්.ඩී ගැබ්රියල් (ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය)

ප්‍රවීණයන්ගේ ඛාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා

ලාන්ස් කෝප්‍රල් ඊ.එම් බාලසුරිය (ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව) affiliate link trace | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf