Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2017 ජාතික ආධුණික ජුඩෝ ශුරතාවය යුද හමුදාවට

ක්‍රිඩා අමාත්‍යංශ ගෘහස්ථ ක්‍රිඩංගණයේදි (21) දින සිට (23) දින දක්වා පැවති 2017 ජාතික ආධුණික ජුඩෝ තරඟාවලියේ ශුරතාවය ශ්‍රී ලංකා යුද හමුදා පිරිමි ජුඩෝ කණ්ඩායම විසින් දිනා ගන්නා ලදි.

ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පිහිටි ක්‍රිඩා සමාජ නියෝජනය කරමින් 350 කට අධික පිරිමි හා කන්තා තරඟකරුවන් සහභාගි වුහ.

මෙම තරඟාවලියේ ත්‍යාග ප්‍රධාන උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අයි.පි. විජේරත්න මහතා සහභාගි විය.

මෙහි පිරිමි අංශයෙන් ශුරතාවය ලකුණු 43 ලබාගත් ශ්‍රී ලංකා යුද හමුදාව හිමි කරගත් අතර, ලකුණු 19 ලබාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව අනුශුරතාවය හිමි කර ගන්නා ලදි.

මෙහි කන්තා ඉසව්වේ අනුශුරතාවය ලකුණු 19 ලබාගනිමින් යුධ හමුදා කන්තා බලකායට හිමි විය.

මෙම ජුඩෝ තරඟාවලියේ හොදම ක්‍රිඩකයා ලෙස සාමාන්‍ය සෙබළ බි.ඩි.සි.පි.විජේවර්ධන තේරිපත් විය.

buy shoes | Nike Running