08th May 2024 05:35:39 Hours
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ භටපිරිස් විසින් 2024 මැයි මස 04 දින කතරගම, කරවිල ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන පවුලක් සඳහා පානීය ජල අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා ලිදක් සහ සනීපාරක්ෂක පහසුකම් ඉදිකර භාර දෙනු ලැබිණි.
12 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මිතුරෙකු වන සුමිත් තෙන්නකෝන් මහතා සහ ඔහුගේ සොයුරිය වන තමාරා තෙන්නකෝන් මහත්මිය ගේ මුල්‍යමය අනුග්‍රාහකත්වය මත, 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අධීක්ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතියේ කටයුතු සිදු කරන ලදී.
12 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූහ. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.