09th July 2023 22:29:09 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 පාබල සේනාංක බලප්‍රදේශයේ පිහිටි 221 පාබල බලසේනාවට අයත් 20 ගජබා රෙජිමේන්තුව, පරිත්‍යාගශීලියෙකුගේ සහයෝගය මත මහසෙන්පුර පරණ මැදවච්චිය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ඉකුත් අඟහරුවාදා (ජූලි මස 04) දින එම පාසල් පරිශ්‍රයේදී සංවිධානය කරන ලදී. ඒ අනුව විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල සිසුන් 80 දෙනෙකුට පාසල් උපකරණ සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරනු ලැබු අතර, එහි වටිනාකම රු. 3,20,000/= කි. මෙම වැඩසටහන සඳහා ගම්පහ ප්‍රදේශයේ පදිංචි ඩී පුෂ්පකුමාර මහතා විසින් අනුග්‍රාහකත්වය ලබාදුන්හ. වැඩසටහනට සම්බන්ධ වූ පාසල් සිසුන්ගේ පවුල්වල පවතින ආර්ථික දුෂ්කරතා එම දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි දැඩි ලෙස බලපා ඇති බැව් නිරීක්‍ෂණය වීමෙන් අනතුරුව භටපිරිස්වල සම්බන්ධීකරණයෙන් මෙම ව්‍යාපෘතිය දියත් කරන ලදී.
22 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ ගේ සහ 221 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.කේ. පීරිස් ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය දියත් කරන ලදී. 20 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිව්.ඩබ්ලිව්.එන්.සී වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරනු ලැබු මෙම වැඩසටහන සඳහා ඩී පුෂ්පකුමාර මහතා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, විදුහල්පති, කාර්ය මණ්ඩලය සහ ප්‍රතිලාභීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.